ක්‍රීඩා ජයග්‍රහණ ලැබූ දරුවන් සදහා සහතික සහ ත්‍යාග පිරිනැමීමේ උත්සවය - 2022
ර/ඇඹි/උඩවලව මහා විද්‍යාලයේ දරු දැරියන් විසින් මෙම වසර තුල ක්‍රීඩා ජයග්‍රහණ රාශියක් අත්පත් කරගෙන ඇති අතර, එම දරුවන් දිරි ගැන්වීමේ අරමුණින් දරුවන්ගේ දෙමාපියන්ගේද සහයෝගය ඇතිව පාසල විසින් උත්සවයක් පව්ත්වන ලදි. මේ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඇඹිලිපිටිය කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා පැමිණි අතර එහිදී සිසු සිසුවියන් රුසක් එතුමා අතින් ඇගයීමට පාත්‍ර විය.