සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ, ඇඹිලිපිටිය අධ්‍යාපන කොට්ඨාශයේ පිහිටා ඇති ර/ඇඹි/උඩවලව මහ විද්‍යාලයය, උඩවලව මංසන්දියේ සිට 3Km පමණ දුරින් උඩවලව තණමල්විල මාර්ගයට යාබදව පිහිටා ඇත.
1970.09.01 වන දින අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ ර/ගු/ජ 985/114 හා 1970.08.18 වන දින දරණ ලිපිය අනුව ර/ඇඹි/උඩවලව මහ විද්‍යාලයය ආරම්භ කරන ලදී. එවකට විද්‍යාලය හදුන්වා ඇත්තේ උඩවලව කණිෂ්ඨ විද්‍යාලයය ලෙසයි. ජි.ජි. දයාරත්න මයා විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිවරයා ලෙස ද, ඩබ්.කේ.කේ. ගුණසේකර මහත්මිය පාසල් මුල් උපගුරුවරිය ලෙස ද පාසල ආරම්භ කළ දිනයේ වැඩ භාරගන්නා ලදී.
1970 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා විදුහල්පතිවරු 13 දෙනෙකු යටතේ මෙම විද්‍යාලය පවත්වාගෙන ගොස් ඇත. ජී.ජී. දයාරත්න මයා, පී. තෙන්නකෝන් මිය, එම්.ඩී. සිරිසේන මයා, එම්. දිසානායක මයා, කේ.එම්. දසනායක මයා, කිංස්ලි විජේවික්‍රම මයා, අයි.කේ. විජේදාස මයා, ආර්.එම්. පියසේන මයා, එස්.ඒ. සුමනාවතී මිය, ඩබ්. පියසේන මයා, කේ.එම්. දයාරත්න මයා, ඩබ්.ඒ. උපාලි මයා, එච්.එම්. විජේසිංහ බණ්ඩා මයා එම විදුහල්පතිවරුන් වේ.
පියවරෙන් පියවර දියුණු වූ මෙම විද්‍යාලය 1975 අ.පො.ස සා/පෙළ පළමු ශිෂ්‍ය කණ්ඩායම පෙනී සිටියේය. 1981 අ.පො.ස උ/පෙළ කලා අංශය ආරම්භ වු අතර එවකට උඩවලව විද්‍යාලය ලෙස පැවති විද්‍යාලයය, උඩවලව මහ විද්‍යාලයය ලෙස උසස් කරන ලදී. 2000 මාර්තු 01 දින පාසල ප්‍රතිව්‍යුහගතකරණය අනුව 01 සිට 06 දක්වා වෙනම ප්‍රාථමික විද්‍යාලයක් ලෙස වෙන් කරන ලදී.
2005 දී උසස්පෙළ වාණිජ අංශය ද, 2007 දී උසස්පෙළ විද්‍යා අංශය ද, ආරම්භ වු අතර එතෙක් 1C පාසලක් වු උඩවලව මහ විද්‍යාලයය 1AB විද්‍යාලයයක් ලෙස නම් කරන ලදී. 6 ශ්‍රේණිය නැවත විද්‍යාලයට ලබා ගැනීම හා ඉංග්‍රීසි මාධ්‍ය පංති ආරම්භ කිරීම නිසා 2007 වර්ෂය පාසල් ඉතිහාසයේ ස්වර්ණමය වසරක් ලෙස හැදින්විය හැක.
සිසුන් 143න් දෙනෙකුගෙන්, ගුරුවරුන් දෙදෙනෙකුගෙන් හා එක් ගොඩනැගිල්ලකින් ආරම්භ කරන ලද මෙම විද්‍යාලයය දැනට සිසුන් 1125 ක්, ගුරුභවතුන් 53 ක්, අනුයුක්ත ගුරුභවතුන් 01 ක්, ගුරු උපදේශක 02 ක් හා අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ 05 කගෙන් හා ගොඩනැගිලි 18කින් සමන්විත වේ. දැනට පාසල් භූමි ප්‍රමාණය අක්කර 10ක් වේ. විද්‍යාලයයේ වර්තමාන විදුහල්පති ලෙස ඩබ්.එම්.ටි.සි. වීරසේකර මයා 2019.04.05 දින සිට මේ දක්වා කටයුතු කරනු ලබයි.