නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
උඩවලව මහා විද්‍යාලය
සබරගමු පලාතේ විශිෂ්ට පාසල් අතර සුවිශේෂී ස්ථානයක් හිමි කරගෙන තිබෙන අප පාසල වසරක් පාසා සිසුන් බොහෝ පිරිසක් විශ්ව විද්‍යාල වරම් හිමි කර ගනී. උඩවලව මහා විද්‍යාලය මේ වන විට ක්‍රීඩා, සෞන්දර්යය, මෙන්ම තොරතුරු තාක්ශන අංශයෙන්ද කලාප, පලාත්, සමස්ත ලංකා ජයග්‍රහණ අත්පත් කරගෙන ඇති විශීෂ්ට පාසලකි. .
අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් සමග නිරන්තරයෙන්ම සම්බන්ධ වී කටයුතු කරන බැවින් එම සම්බන්ධතා තව තවත් ශක්තිමත් කර ගැනීමට මෙම වෙබ් පිටුව මගින් හැකි වනු ඇතැයි විශ්වාස කරමි. එම නිසාම විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
නියෝජ්‍ය ව්දුහල්පති,
(අයි.කේ.එම්.කුමාර මයා)
උඩවලව මහා විද්‍යාලය