භාසුරුවේ ඔබ සේ දන නන්දන
සිප්නැණ විහිදන ලක් දෙරණේ
උඩවලවේ මහ විදුහල් මෑණී
වොරැදේවා කිතු රැස් කිරණේ
ජයහෙa විදුමෑණී……………………….//
රෝහිණී වාපිය දිය සුළි පිසගෙන
ලෙළෙනා වාතල රැදි පියසේ
සසර පුරාගෙන සුරු විරුකම් ගෙන
නැණගුරු බස් වැඩුවෝ
නොනැවති පා නැගුවෝ ජටැඹ වෙත උඩවලවේ දරුවෝ
තෝතැනි විය ඔබ පුබුදන වැඩුමට
දෙස බසරැද පුබුදන සේ
සදාතනික ලෙස මතුපරපුර වෙත විදුමන් දොර හැරියෝ
විදුමන් දොර හැරියෝ
නොනැවති පා නැගුවෝ ජටැඹ වෙත උඩවලවේ දරුවෝ
භාසුරුවේ……………………….//