![]() |
![]() |
![]() |
1970.09.01 වන දින අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ ර/ගු/ජ 985/114 හා 1970.08.18 වන දින දරණ ලිපිය අනුව ර/ඇඹි/උඩවලව මහ විද්‍යාලයය ආරම්භ කරන ලදී. එවකට විද්‍යාලය හදුන්වා ඇත්තේ උඩවලව කණිෂ්ඨ විද්‍යාලයය ලෙසයි. ජි.ජි. දයාරත්න මයා විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිවරයා ලෙස ද, ඩබ්.කේ.කේ. ගුණසේකර මහත්මිය පාසල් මුල් උපගුරුවරිය ලෙස ද පාසල ආරම්භ කළ දිනයේ වැඩ භාරගන්නා ලදී.
1970 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා විදුහල්පතිවරු 13 දෙනෙකු යටතේ මෙම
විද්‍යාලය පවත්වාගෙන ගොස් ඇත. ජී.ජී. දයාරත්න මයා, පී.තෙන්නකෝන් මිය,එම්.ඩී.
සිරිසේන මයා, එම්. දිසානායක මයා,කේ.එම්. දසනායක මයා,කිංස්ලි විජේවික්‍රම මයා,
අයි.කේ. විජේදාස මයා, ආර්.එම්. පියසේන මයා, එස්.ඒ. සුමනාවතී මිය, ඩබ්. පියසේන මයා,
කේ.එම්. දයාරත්න මයා, ඩබ්.ඒ. උපාලි මයා, එච්.එම්. විජේසිංහ බණ්ඩා මයා එම
විදුහල්පතිවරුන් වේ.


